ප්‍රංශයේ පැරිසි නුවර වායු දූෂණය ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමග නගරයේ ගමන් කරන වාහන සීමා කිරීමට සිය ගණනක පොලිස් කණ්ඩායම් නගරය පුරා යොදවා ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, ඔත්තේ සංඛ්‍යාවන් යටතේ ලියාපදිංචි වූ මෝටර් රථ සඳහා එක් දිනකටත්, ඉරට්ටේ සංඛ්‍යා යටතේ ලියාපදිචි වූ මෝටර් රථ සඳහා අනෙක් දිනටත් වශයෙන් නගරයට පැමිණෙන වාහන ගමනාගමනය සීමා කිරීමට පැරීස් බලධාරීහු තීරණය කර තිබේ.
හිතකර තත්ත්වයෙන් ඔබ්බට දින පහක් පුරා අඛණ්ඩව නගරය පුරා වායු දූෂණය පැවතීමත් සමග මෙම තීරණය ගනීමට බලධාරීන් කටයුතු කර ඇත.
මෝටර් රථවලට මෙන්ම යතුරුපැදි සඳහාද මෙම තහනම පැනවී ඇති අතර, එය සෑම දිනකම උදෑසන 5.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක බව පැවසෙයි.
මෙම නීතිය කඩ කරන්නන් දඩයකට යටත් වන බවත්, යමෙකු ගමන් කරන දිනය ඔහුගේ වාහනයේ අංකයට අදාළ දිනය නොවේ නම් නොමිලේ නැවතුම් පහසුකම් ලබාදෙන බවත් වාර්තා වෙයි.