ඉන්දියාවේ මුම්බායි නගරයේ නව යොවුන් වියේ පාසල් සිසුන් හතර දෙනෙකු තමන් සමග අධ්‍යාපනය ලබන සිසුවියක සමූහ දූෂණයට ලක්කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
පොලීසිය පවසන්නේ මෙම පාසල් සිසුන් වයස අවුරුදු 15 - 16 යන වයස් කාණ්ඩවල අය බවයි.
ඔවුන් එම සිසුවිය දූෂණයට ලක්වන ආකාරය වීඩියෝගත කර එය වට්ස්ඇප් සමාජජාලය හරහා ප්‍රසිද්ධ කර ඇති බවද කියැවෙයි.
අත්අඩංගුවට පත්ව ඇති සැකකාර සිසුන් සිවු දෙනා උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාසයට යොමුකර ඇති බව කියැවෙයි.
පසුගිය 8 වැනිදා තම අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් එක් සිසුවෙකු මෙම සිසුවිය ඔහුගේ නිවසට ගෙන්වාගෙන පසුව සිය මිතුරන් සමග ඇයව සමූහ දූෂණයට ලක්කර තිබේ.
අනතුරුව එම සිදුවීම වීඩියෝ ගතකර ඇති මොවුන් එම වීඩියෝ දසුන් අන්තර්ජාලයට මුසුකරන බවට ඇය බියවද්දමින් කිහිප වරක්ම ඇයව සමූහ දූෂණයට ලක්කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මේ හේතුවෙන් සිසුවිය තමාට සිදුව ඇති අපරාධය වසන් කරගෙන ඇති අතර, පසුව මොවුන් එම වීඩියෝව වට්ස්ඇප් ජාලයට මුසුකිරීමෙන් පසුව එය බොහෝ දෙනෙකු අතර හුවමාරු වී තිබේ.
අනතුරුව මෙම සිසුවියගේ නැන්දනියක මෙය දැක සිසුවියගෙන් කරුණු විමසා පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකාර සිසුන් සිවුදෙනා අත්අඩංගුවට පත්ව තිබේ.