තායිවානයේ සිය ගණනක් වූ විශ්වවිද්‍යාල සිසුන් විසින් එරට පාර්ලිමේන්තුව අල්ලා ගෙන සිටින බවත්, එරට අගමැතිවරයා සමඟ සිසුන් සාකච්ඡා පැවැත්වූවත්, දිගින් දිගටම ඔවුන් පාර්ලිමේන්තුව තුළ රැඳී සිටින බවත් වාර්තා වෙයි.
තායිවාන් ආණ්ඩුව චීනය සමග ඇති කරගනු ලැබීමට සැලසුම් කර තිබෙන වෙළෙඳ ගිවිසුමක් අත්හැර දමන්නැයි කියමින් මෙසේ තායිවාන් සිසුන් සිය විරෝධතා ව්‍යාපාරය අරඹා ඇති බව පැවසෙයි.
එම ශිෂ්‍යයන් අගමැති ජෑන්ග් යි හුආ සමග කෙටි සාකච්ඡාවකට සහභාගි වූ බව එරට තායිපේ අගනුවරින් ලැබෙන වාර්තා මගින් කියවුණත්, ශිෂ්‍යයන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ ඔවුන්ට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන ලෙස බවද කියැවෙයි.
තායිවාන් ශිෂ්‍යයන් පාර්ලිමේන්තුව අල්ලා ගත්තේ පසුගිය අඟහරුවාදා දිනයේදීය. මේ වනවිට එම සිසුන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විවාද ශාලාව තළ රැඳී සිටී.
චීනයත් සමග නිදහස් සේවාවන් ආරම්භ කිරීම ඇතුළත් අදාළ වෙළෙඳ ගිවිසුම නිසා සිය රැකියාවලට තර්ජනයක් මෙන්ම, බෙයිජිං පාලනය විසින් තායිවානය තුළ සිදු කරනු ලබන බලපෑම දැඩි විය හැකි බවද තායිපේ සරසවි සිසුහු අවධාරණය කරති.