දෙවියන්ට අපහාස කළා යැයි චෝදනා ලැබූ ගුරුවරයකු වෙනුවෙන් පෙනී සිටි පාකිස්තානයේ ප්රමුඛ පෙළේ නීතිඥවරයකු මරා දැමීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය පකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව බී.බී.සී.ය පවසයි.
ඝාතනයට ලක් වූ නීතිඥ රෂීඩ් රෙහ්මාන් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි අයෙකු ලෙස ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙක් හඳුන්වා දී තිබේ.
නීතීඥවරයා පසුගිය බදාදා රාත්රියේ මුල්තාන් නගරයේ පිහිටි තම කාර්යාලයේ සිටියදී වෙඩිතබා මරා දමා තිබුණි.
මුහම්මද් නබි නායකතුමාට අපහාස කළ බවට පසුගිය මාර්තු මාසයේ මුස්ලිම් අන්තවාදීන්ගේ චෝදනා වට ලක්වූ ගුරුවරයෙකු වෙනුවෙන් රෂීඩ් රෙහ්මාන් නීතීඥවරයා පෙනී සිට ඇති බවත්, ඔහු මෙසේ මරා දැමීමට ආසන්නතම හේතුව එය විය හැකි බවත් බී.බී.සී.ය පවසයි.
කෙසේ වෙතත් මෙම ක්රෑර ඝාතනයට එරෙහිව පකිස්තානය පුරා මානව හිමිකම් ක්රියාකාරීන් හා නීතිඥයන් විරෝධතාවක නිරත වුණු බවද වාර්තා වෙයි.