පාකිස්ථානයේදී තලේබාන් සංවිධානයට සම්බන්ධ කණ්ඩායමක් විසින් පැහැරගනු ලැබූ ප්රධාන පෙළේ විනිසුරුවෙකුගේ පුත්රයා මසකට පසුව නිදහස් කර ගැනීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබේ.
අවායිස් අලි ෂාහ් නමැති මොහු මීට මසකට පෙර කරච්චි නගරයේදී පැහැගනු ලැබූ අතර, ඔහු මුදාගෙන තිබුණේ ඇෆ්ගනිස්තාන දේශසීමා ආසන්න ටෑන්ක් නගරයට ආසන්න ගෝත්රික ගම්මානයකදීය.
බුර්කාවක් අන්දවා, දෑත් දෙපා බැඳ මෝටර් රථයක් තුළ සිටියදී මොහු සොයාගැනීමට එරට ආරක්ෂක අංශවලට හැකිවී තිබේ.
මොහු මුදාගැනීම සඳහා ආරක්ෂක හා ත්රස්තයන් අතර සිදුවූ වෙඩි හුවමාරුවේදී තලේබාන් ත්රස්තයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවද ආරක්ෂක අංශ පවසයි.