සාමාන්‍ය පරිහරණයට සුදුසු ප්‍රථම ග්‍රැෆීන් විදුලි බල්බය නිකුත් කළ බව එහි බ්‍රිතාන්‍ය නිර්මාපකයෝ පවසති.
අතිශය ඉහළ ශක්තිමත්භාවයකින් යුතු කාබන් යොදාගෙන නිපදවා ඇති මෙම බල්බ මෙම වසර අවසානයේදී වෙළෙඳ පොළට නිකුත් කළ හැකි බව පැවසෙයි.
මෙම එල්.ඊ.ඩී. බල්බය නිපදවා ඇත්තේ ග්රැෆිනේ ආලේපිත ෆිලමන්ට් එකක් සහිතවය.
බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ට් විශ්වවිද්‍යාලය 2004 වසරේදී ප්‍රථම වරට මෙම අමුද්‍රව්‍ය සොයා ගන්නා ලදී.
එම ග්‍රැෆීන් යොදාගෙන නිපදවන බල්බවල බලශක්ති භාවිතය 10% කින් අඩු කෙරෙන අතර, දීර්ඝ කාලයක් භාවිත කිරීමටද හැකි බව කියැවෙයි.