ප්‍රංශයේ වෙරළාසන්න නගර කිහිපයක පනවනු ලැබූ 'බුර්කිනි' තහනමට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ප්‍රකාශ කිරීමත් සමග විල්නුවෙව් ලෝබෙත් වෙරළ නගරයේ එම තහනම ඉවත් කර තිබේ.
මුස්ලිම් කාන්තාවන් අඳිනු ලබන සම්පූර්ණයෙන් ශරීරය වැසෙන 'බුර්කිනි' නාන ඇඳුම සම්බන්ධයෙන් මෙසේ කසුකුසුවක් ඇති වූයේ පසුගිය කාලය පුරාවට ප්‍රංශය පුරා එල්ල වූ ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරය මාලාව නිසාය.
මුස්ලිම් කාන්තාවන්ට එහිදී තම අභිමතය පරිදි ඇඳුමක් ඇඳීමේ මූලික නිදහස උල්ලංඝනය වෙන බව පවසමින් ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මෙසේ එක් නගරයක තහනම ඉවත් කිරීමට අධිකරණය කටයුතු කර ඇත.
එමෙන්ම, එම තීන්දුවට පදනම් වූ නීති රාමුව සම්බන්ධයෙන්ද ඉදිරියේදී තීන්දුවක් ලබාදෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පවසා තිබේ.
මේ තත්ත්වය තුළ මෙම තහනම පැනවී ඇති බොහෝ නගරවල තහනම ඉවත් යළි ඉවත් කෙරෙනු ඇති බවට විශ්වාස කළත්, කොර්සිකා නගරාධිපතිවරයා දැඩිව පවසා ඇත්තේ තම නගරයේ වෙරළ තුළ එම නීතිය පවත්වා ගැනීමට තරයේ කටයුතු කරන බවයි.