ප්රංශයේ කතෝලික දේවස්ථානයකදී 84 හැවිරිදි පියතුමෙකු IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් අතින් ඝාතනය වීමත් සමග ජනපති හොලන්දේ එරට ක්රිස්තියානි, බෞද්ධ, යුදෙව්, ඉස්ලාම් ආදී ආගමික සංවිධානයන්ගේ නියෝජිතයන් කැඳවා හදිසි සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී, ඒ සෑම පාර්ශ්වයක්ම පාහේ කරුණු දක්වමින් පවසා ඇත්තේ එම ආගමික ආයතනයන්ද ඉදිරියේදී ත්රස්තයන්ගේ ඉලක්ක බවට පත්වීමේ අවදානමකි.
මෙම අවස්ථාවට සහභාගී වූ පැරීසියේ ප්රධාන මුස්ලිම් පල්ලියේ ප්රධානියා ප්රංශ මුස්ලිම් ජනතාව වෙනුවෙන් මෙම ඝාතනය සම්බන්ධයෙන් සිය දැඩි කණගාටුව ප්රකශ කළේය. මෙය මුස්ලිම් ප්රජාවට කෙරෙන අවමානයක් බවත්, ආගම කෙලෙසීමක් බවත් ඔහු පවසා තිබුණි.
පසුගිය අඟහරුවාදා උතුරුදිග ප්රංශයේ රොන් නගරයේදී සිදුවූ මෙම ම්ලේච්ඡ ප්රහාරය සඳහා ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් දෙදෙනෙකු සම්බන්ධ වී සිටි අතර, ඔවුන් දෙවස්ථානයේ අල්තාරය මතදී පියතුමාගේ ගෙල සිඳ ඝාතනය කර තිබුණි.
ජැක් හැමල් නමැති පියතුමා උදෑසන දේවමෙහෙය පවත්වමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදුන් අතර, එම අවස්ථාවේදී දේවස්ථානයේ සිටි තවත් සිවු දෙනෙකු ඔවුන්ගේ ප්රාණ ඇපටයද නතුවිය. කෙසේ වෙතත්, පොලීසිය පැමිණ ප්රහාර එල්ල කිරීමත් සමග සැකකරුවන්ගෙන් අයෙකු සිද්ධිය වූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.
ප්රංශයේ නීස් නගරයේදී පුද්ගලයන් 84 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ ම්ලේච්ඡ ත්රස්ත ප්රහාරය සිදුවී දින 12කට පසුව මෙම ත්රස්ත ප්රහාරය එල්ල විය.
ජනපති හමුවූ ප්රංශ ආගමික සංවිධාන නියෝජිතයන්
ප්රහාරයට සම්බන්ධ වූ IS ඝාතකයෙක්