ප්රංශයේ නීස් නගරයට එල්ල වූ ට්රක් රථ ත්රස්ත ප්රහාරයෙන් කුඩා බිළිඳුන් හා දරුවන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට රෝහල් බලධරීන් උපුටා දක්වමින් ප්රංශයේ නීස්-මාටින් පුවත්පත දක්වා තිබුණේ, නීස් නගරයේ ලෙන්වාල් රෝහලට දරුවන් 54 දෙනෙකු ප්රතිකාර සඳහා ඇතුළු කර තිබූ බවයි.
මෙසේ ඇතුළත් කළ දරුවන් අතර සමහරෙකු මෙම ප්රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ අය බවද එම පුවත්පතේ වැඩිදුරටත් දැක්වුණි.
ප්රංශ ජාතික දින උත්සවය පැවැති නීස් වෙරළ තීරයේදී විශාල ට්රක් රථයක් එහි රැස්ව සිටි පිරිස මතින් ගමන් කරවමින් ඊයේ (14දා) රාත්රී 11.00 ට පමණ එල්ල වූ මෙම ම්ලේච්ඡ ප්රහාරයෙන් මේ වනවිට 84 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා සිටී.