උතුරුදිග ප්‍රංශයේදී ජැක්ස් හැමෙල් පියතුමා ගෙළ සිඳ ඝාතනය කිරීමට කටයුතු කළ IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් දෙදෙනාගෙන් අයෙකුගේ මළ සිරුර භූමදානය කිරීම එම මුස්ලිම් ප්‍රජාව ප්‍රතික්ෂේප කර තිබේ.
ඉස්ලාම් දහම කෙළෙසීමට කටයුතු කළ මොවුන්ගේ සිරුරු භූමදානය කළ නොහැකි බව පවසමින් ඔවුන් එසේ පවසා ඇතැයි ප්‍රංශ මාධ්‍ය කියයි.
ඇල්ජීරියානු ජාතික 19 හැවිරිදි අඩෙල් කෙර්මිෂ් 85 වැනි වියෙහි පසුවූ පියතුමාගේ ඝාතනයට සම්බන්ධ වූ එක් ඉස්ලාම් ත්‍රස්තයෙකි.
ප්‍රංශය තුළ පසුගිය කාලය පුරා සිදුවූ ඝාතන රැල්ලේ වඩාත් උච්චතම අවස්ථාවක් ලෙස හැමෙල් පියතුමාගේ ඝාතනය සැලකෙන අතර, එය ආගම් භේදයකින් තොරව බොහෝ දෙනෙකුගේ හද කම්පා කළ සිදුවීමක් විය.