පැරිස් ක්රීඩාංගණය අසල මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයේදී ඇදී ආ බෝම්බ කොටසක් තම ජංගම දුරකථනය හේතුවෙන් වැළකී ගිය බව ප්රංශ ජාතිකයෙකු පවසයි.
IS ඉස්ලාම් රාජ්ය අන්තවාදීන් තිදෙනෙකු ක්රීඩාංගණයෙන් පිටත මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර තුනක් සිදුකළ අතර, මේ අවස්ථාවේ ක්රීඩාංගණය අසලින් ගිය පුද්ගලයෙකු මෙසේ දිවි ගලවාගෙන තිබේ.
බෝම්බ ප්රහාරය එල්ල වන අවස්ථාවේ තමන් දුරකථන ඇමතුමක් ලබාගනිමින් සිටි බවත්, ඇමතුම අවසන් වනවාත් සමගම බෝම්බය පුපුරා යමින් ඉන් ඇදී ආ යකඩ කැබැල්ලක් දුරකතනයේ වැදී තම හිසට හානියක් නොවී නැවතුණු බව ඔහු කියයි.
මේ හේතුවෙන් ඔහුගේ සැම්සුන්ග් ජංගම දුරකථනය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති ඇත. කෙසේ වෙතත්, මෙම ප්රහාරයෙන් ඔහුගේ කකුලට බෝම්බ කැබැල්ලක් වැදී තුවාල සිදුවී ඇත.