නේපාලයේදී පසුගිය ඉරිදා අතුරුදන් වූ සැහැල්ලු මගී ගුවන් යානයේ සුන්බුන් හා මළ සිරුරු හමුවූ බවත්, එහි ගමන්ගත් 18 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් නේපාල බලධාරීහු තහවුරු කරති.
නේපාලයේ ගුවන් සේවා බලධාරීන් පෙන්වා දෙන පරිදි මෙම ගුවන් යානා අනතුරට හේතුවී ඇත්තේ අයහපත් කාලගුණයයි.
මෙසේ සොයා ගැනුණු මළ සිරුරු කත්මණ්ඩු නගරය වෙත ගෙනැවිත් තිබේ.
කඳුකර ප්රදේශයක් වූ අර්ඝාඛාන්චි ප්රදේශයේදී යානය අනතුරට පත්ව ඇති අතර, මේ නිසාම සුන්බුන් හා මළ සිරුරු සොයා යෑම දුෂ්කර වූ බවද බලධාරීහු පවසති.
නේපාලයේ ගුවන්යානා නඩත්තුව පිළිබඳව විවේචන එල්ල වී ඇති අතර, පසුගිය දෙසැම්බරයේ සියලුම නේපාල ගුවන් යානා යුරෝපා හවුලේ රටවල තහනමට ලක්වූ බවද පැවසෙයි.