ජීවිත 84ක් බිලි ගනිමින් එල්ල වූ ප්‍රංශයේ නීස් ප්‍රහාරයේ ශෝකය විඳදරා ගනු වස්, එම වෙරළ තීරයේ ඊයේ (18දා) පැවති සැමරුමේදී ප්‍රංශ අගමැති මැනුවෙල් වෝල්ස් ජනතා හූවකට ලක්ව තිබේ.
එම සැමරුම අතරතුර පැවති විනාඩියක නිශ්ශබ්දතාව අවස්ථාවේදී මෙසේ අගමැතිවරයා වෙත ජනතා විරෝධයක් ඇති වී තිබෙන අතර, 'ඝාතකයා...' , 'ඉවත්වව්...' ආදී වශයෙන් ජනතා හූවකින් පීඩා විඳීමට අගමැතිවරයාට එහිදී සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.
මීට පෙර, ප්‍රංශයේ හිටපු ජනාධිපති හා මධ්‍ය දක්ෂිණාංශික විරුද්ධ පක්ෂ නායක නිකොලාස් සාකෝසිද වත්මන් රජයට චෝදනා කරමින් කියා තිබුණේ, ජනතාව වෙත නිසි ආරක්ෂාවක් සැපයීමට රජය අපොහොසත් වී ඇති බවයි.
කෙසේ වෙතත්, ජීවිත 84ක් බිලි ගනිමින්, තවත් 300කට වැඩි පිරිසකට තුවාල සිදුකළ මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුව ප්‍රංශය තුළ ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු කර තිබේ. විශේෂයෙන්ම ගෙවීගිය මාස 18ක කාලය තුළ ප්‍රංශයේ ස්ථාන තුනක් වෙත ප්‍රබල ත්‍රස්ත ප්‍රහාර තුනක් එල්ල වීම මත ප්රංශුවා හොලන්දේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්රමුඛ රජය වෙත එල්ලවන ජනතා අප්රසායද වැඩි වී තිබේ.