නීස් හි ට්‍රක් රථ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරන ලද ටියුනීසියානු ජාතික මොහොමඩ් ලහොඒඉජ් බුල්ලා ඒ සඳහා දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පස් දෙනාගෙන් ප්‍රහාරයට අවශ්‍ය සැපයුම් ලබාගෙන ඇති බව ප්‍රංශ අධිචෝදක පවසයි.
එමෙන්ම, මෙම අපරාධය ඔවුන් සැලසුම් කර ඇත්තේ මීට මාස කිහිපයකට පෙර බවද ඔහු අනාවරණය කර තිබේ.
එමෙන්ම, මෙම ප්‍රහාරයෙන් පසු දින එක් සැකකරුවෙකු විසින් එය වීඩියෝගත කර ඇති බවද අභිචෝදක පවසයි.
එහිදී, මෙම ප්‍රහාරය සැලසුම් කිරීම හා මොහොමඩ් ලහොඒඉජ් බුල්ලාට ඊට සහාය ලබාදීම නිසා ඔවුන් සියලු දෙනාට ත්‍රස්තවාදී චෝදනා යටතේ දඬුවම් නියමවනු ඇත.
මෙම පිරිස අතර පිරිමි සිව්දෙනෙකු හා කාන්තාවක සිටින අතර, ඔවුන් වයස අවුරුදු 22 සිට 40 දක්වා වයස්වල පසුවන්නන්ය. ඔවුන්ගෙන් ඇල්බේනියානු ජාතික යුවල මෙම ඝාතකයා වෙත පිස්තෝලයක් සැපයා තිබේ.
එමෙන්ම, 22 හැවිරිදි වියේ පසුවන සැකකරු එදින රාත්‍රී ප්‍රහාරයට අවශ්‍ය අවි ආයුද සැපයීම සඳහා ඝාතකයා සමග කෙටි පණිවුඩ හුවමාරු කරගෙන ඇත. එමෙන්ම, ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී පොලිසිය අවි ආයුද කිහිපයක්ද හමුවී තිබේ.
මෙහි වඩාත් භයානක තත්ත්වය වී ඇත්තේ මොවුන් සියලු දෙනා මොහොමඩ් ලහොඒඉජ් බුල්ලා මෙන්ම, ප්‍රංශ බුද්ධි අංශයන්ගේ උකුසු ඇසට හසුනොවූ පිරිසකි.