මුවම්මර් ගඩාෆි පාලනය පෙරලා දැමීමට 2011 වසරේදී ඇතිවූ ලිබියානු කැරැල්ල සිදුවූ කාලයේදී දූෂණයට ලක්වූ එරට කාන්තාවන්ද යුද්ධයේ ගොදුරු ලෙස සැලකිය යුතු බව එරට කැබිනට් මණ්ඩලය පවසයි.
එය වැඩිදුරටත් පෙන්වන්නේ ගඩාෆි පාලනයට එරෙහිව සටන් වැදී තුවාල ලැබූ සටන්කාමින් මෙන්ම, ගඩාෆි හමුදාවන්ගේ අතින් දූෂණයට ලක්වූ කාන්තාවන්ට එකම මට්ටමින් සලකා ඔවුන්ටද වන්දි ලබාදීමක් සිදුකළ යුතු බවය.
එදා ගඩාෆි හමුදාවන් සටන්වලදී කාන්තාවන් දූෂණය කිරීම යුද්ධයේ දරුණු අවියක් ලෙස යොදාගත් බවද කියැවෙයි.
ලිබියානු කැරැල්ල ඇතිවී වසර තුනක් සපිරෙන මේ අවස්ථාවේදී නව ව්‍යවස්ථාවක් ලිබියාව වෙත ගෙන ඒමට සූදානම් වන අතර, එම ව්‍යවස්ථාව සැකසීම සඳහා වූ මණ්ඩලය තෝරා ගැනීම වෙනුවෙන් ඡන්ද වීමසීමක් සිදුවෙයි.
ඒ අනුව, ලිබියාවේ පළාත් තුන වෙනුවෙන් එක් පළාතකට පුද්ගලයන් 20ක් නියෝජනය වන පරිදි 60 දෙනෙක් මෙම මණ්ඩලයට තෝරාපත් කරගැනීමට නියමිතය.