නවදිල්ලි ප්‍රාන්ත මන්ත්‍රණ සභාවේදී දූෂණ විරෝධී පනත් කෙටුම්පතට බාධා කරමින් එය අහුරාලීමට විරුද්ධ පක්ෂ දේශපාලනඥයන් කටයුතු කිරීමත් සමග දිල්ලි මහ ඇමති අර්වින්ද් කෙජ්රිවාල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
දූෂණයන් පිළිබඳ චෝදනා ලබා සිටින දේශපාලනඥයන් සහ රජයේ සේවකයන් පිළිබඳ පරීක්ෂණ පැවැත්විම සඳහා ස්වාධීන මණ්ඩලයක් වෙත බලය පැවරීම මෙම පනතේ බලාපොරොත්තුව විය.
විරුද්ධ පක්ෂ දේශපාලනඥයන් පෙන්වා දෙන්නේ එවැනි මණ්ඩලයක් පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බවයි. එමෙන්ම, ඉන්දීය මධ්‍යම රජයෙන් ඊට අනුමැතිය ලැබී නොමැති බවද ඔවුන් පෙන්වා දෙයි.
අරවින්ද් කෙජ්රිවාල් දූෂණයට එරෙහිව ප්‍රබල ක්‍රියාකාරී දේශපාලනඥයෙකු ලෙස පසුගිය කාලයේ වේගවත් ගමනක පැමිණි අතර, ඔහුගේ වැඩපිළිවෙළට සහාය දක්වමින් අර්වින්ද් දිල්ලි මහ ඇමතිවරයා දක්වා ගෙන ඒමට ජනතාව කටයුතු කළේය.