දුක් වේදනා, කඳුළු උරුම මිනිසුන්ට පමණක් යැයි බොහෝ දෙනා සිතන මුත්, ඒ වේදනාව, ඒ කඳුල අප වටපිටාවේ සිටින සියලු සත්වයින්ට පොදු කාරණයක් බව සපථ කරන දසුනකි මේ.
සයිප්රසයේදී පටිගත කෙරුණු ඒ වීඩියෝවේ දැක්වුණේ, මෝටර් රථ අනතුරකින් මියගිය සුනඛ දේහයක් අසල වැළපෙන තවත් සුනඛයෙකි.
එම වීඩියෝව පුරා තම මිතුරා ඉදිරියේ මහා හඬින් බුරමින්, මිතුරාගේ දේහය අවදි කිරීමට උත්සාහ කරන සුනඛයා එය නැරඹු ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ නෙතට කඳුලක් උරුම කළ බව නොරහසකි.
සමීපතමයෙකුගේ වියෝව මනුෂ්‍යයෙකුට පමණක් නොව, තිරිසනුන්ටද එකලෙස උරුම බව මේ සුනඛයා නොකියා කියයි.