ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා හා ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා අතර හමුවක් අද පැවැත්වීමට නියමිතය.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ හා දලයි ලාමාගේ හමුව අවලංගු කරන ලෙසට චීනයෙන් මේ වනවිට දැඩි බලපෑමක් ඇමෙරිකාව වෙත එල්ල වන බවත්, යම් හෙයකින් මෙම හමුව ඇමෙරිකානු චීන සබඳතාවලට හානි පමුණුවනු ඇති බවටත් චීනය අනතුරු අඟවා තිබේ.
චීනය දලයි ලාමාව හදුන්වා ඇත්තේ බෙදුම්වාදියෙකු ලෙසය. නමුත්, ආධ්‍යාත්මික නායකයා පෙන්වා දෙන්නේ තමන් ටිබෙටයට නිදහසක් නොව, ස්වයං පාලනයක් බලාපොරොත්තු වන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇමෙරිකානු බලධාරීන් පෙන්වා දී ඇත්තේ ටිබෙට් නිදහස වෙනුවෙන් ඇමෙරිකාව සහයෝගය නොදක්වන නමුත්, චීනයේ සිදුවන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් අවදියෙන් පසුවන බව බවයි.
දලයි ලාමා හා බරැක් ඔබාමා අතර අවසන් වරට හමුවක් සිදුවූයේ 2011 වසරේදීය. එම සාකච්ඡාවද චීනයේ උදහසට ලක්විය.