චීනයේ එක්දරු ප්‍රතිපත්තිය කඩකළ එරට ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුට ඇ.ඩො.මිලියනය ඉක්මවූ දඩයක් ගසා ඇති බව වාර්තා වෙයි.
චීන මධ්‍ය පෙන්වා දෙන පරිදි දරුවන් තිදෙනෙකු හැදූ නිසා සැන්ග් යිමොව් නමැති චිත්‍රපට අධ්යක්ෂවරයාට චීන යුවාන් මිලියන 7.5ක (ඇ.ඩො.මිලියන 1.2ක) දඩයක් ගෙවීමට සිදුව තිබේ.
2008 චීන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවයේ අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කර ඇති ඔහු, පසුගිය දෙසැම්බරයේදී එක්දරු ප්‍රතිපත්තිය කඩ කිරීම ගැන සමාව ඉල්ලා තිබුණු බවද පැවසෙයි.
චීනය එරට ජනගහනය පාලනය වෙනුවෙන් 1970 දී මෙම ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නේය. කෙසේ වෙතත් දරුවන් හදන දෙමව්පියන්ගෙන් අයෙකු පවුලේ එකම දරුවා නම් ඔවුන්ට තවත් දරුවෙකු හැදීම වෙනුවෙන් මෙම ප්‍රතිපත්තිය පසුගිය වසරේදී චීනය ලිහිල් කළේය.