දකුණු ආසියානු කලාපයට බලපා ඇති මෝසම් වැසි සමග කලාපයේ රටවල් කිහිපයක ජීවිත හානි 100ක් පමණ සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් දස දහස් ගණන් ජනතාවට උන්හිටි තැන් අහිමි වී ඇති බවත්, ශීඝ්‍රයෙන් ඉහළ යන ජලමට්ටම් හමුවේ බොහෝ දෙනෙකු ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවන බවත් වාර්තා වෙයි.
මෙම තත්ත්වය නේපාලයට වඩාත් දරුණු ලෙස බලපා ඇති අතර, නේපාලයේ පමණක් ගංවතුර හා නායයෑම් හේතුවෙන් ජීවිත හානි 75ක් වාර්තා වෙයි.
නේපාලයට අමතරව, ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකටද මෝසම් වර්ෂායෙන් බලපෑම් එල්ල වී ඇති අතර බිහාර් ප්‍රාන්තයේ පමණක් ගංවතුර නිසා 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජූනි සිට සැප්තැම්බර් දක්වා වූ කාලයේ මෙම කලාපයට බලපාන මෝසම් වර්ෂාව හේතුවෙන් සෑම වසරකම සිය ගණනක් ජීවිතක්ෂයට පත්වීම සාමාන්‍ය සිදුවීමක් බවද කියැවෙයි.