තුර්කිය තුළ ට්විටර් වෙබ් අඩවිය අවහිර කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, තුර්කියේ සිට twitter.com වෙබ් අඩවිය විවෘත කිරීමට උත්සාහ කරන විට එය එරට විදුලි සංදේශ නියාමන ආයතනයේ පණිවුඩයක් වෙත යොමු කෙරෙන බව පැවසෙයි.
මෙම වෙබ් අඩවිය තුළ ආරක්ෂිත සීමාවන් තවදුරටත් වැඩි කිරීම සඳහා උසාවි නියෝගයක් මත මෙසේ එය අවහිර කර ඇති බව කියැවෙයි.
තුර්කි අග්රාමාත්ය ටයේප් එර්ඩෝගන් විසින් තුර්කියෙන් ට්විටර් අතුගා දමන බවට ප්රකාශයක් සිදුකිරීමත් සමග මේ ආකාරයෙන් වෙබ් අඩවිය අවහිර කර ඇති බවද වාර්තා වෙයි.