තායිවානය චීනයත් සමග වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට විරෝධය පළ කරමින්, එරට විශ්වවිද්‍යාල සිසුන් සහ ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වූ බවත්, ඔවුන් ඉවත් කිරීමට පොලීසියට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවූ බවත් වාර්තා වෙයි.
චීනය සමග ඇති කරගත් වෙළෙඳ ගිවිසුම තායිවාන ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කරන බවත්, එය චීනය හමුවේ තායිවානය දුර්වල කරන තත්ත්වයක් බවත් පෙන්වා දෙමින් මෙසේ එරට පාර්ලිමේන්තුව වෙත විරෝධතාකරුවන් ඇතුළු වී තිබේ.
මෙම ගිවිසුම පසුගිය වසරේ ජූනි මාසයේදී අත්සන් කර තිබුණත්, එය පාර්ලිමේන්තුව විසින් බලාත්මක කර නොතිබුණි.
මෙම ගිවිසුමට අනුව වැඩි නිදහසකින් දෙරටටම ඔවුනොවුන්ගේ රටවල සේවා ක්ෂේත්රයේ වෙළෙඳ පොළ තුළ ආයෝජනයට ඉඩ හිමිවෙයි.
කෙසේ වෙතත් විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව වෙත මේ ආකාරයෙන් පැමිණ ඇත්තේ එරට පාලක පක්ෂයේ නීතිසම්පාදකයන් විසින් මෙම ගිවිසුම බලාත්මක කිරීම සම්බන්ධයෙන් සූදානම් වන බව පැවසීමත් සමගිනි.