තායිවානයේ ටොයුආන් නගරයේ අධිවේගී මර්ගයකදී සංචාරක බස් රථයක් ගින්නකට හසුවීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කියයි.
තායිවානයේ මධ්‍යම පුවත් ඒජන්සිය වාර්තා කරන ආකාරයට අධික වේගයෙන් පැමිණ ඇති මෙම බස් රථය ජාතික අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටක වැදීමෙන් පසුව මෙසේ ගින්නට නතුව තිබේ.
මෙහි චීන සංචාරකයන් පිරිසක් ගමන් කර ඇති අතර, ඔවුන්ව ටොයුආන් ගුවන්තොටුපොළ වෙත රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
එහිදී, බස් රථය තුළ සංචාරකයන් 24 දෙනෙකු, රථයේ රියදුරු හා සහායකයාද සිට ඇත.
කෙසේ වෙතත්, ගිනි නිවන හමුදාව එහි පැමිණෙන විටත් බස් රථය ක්ෂණිකව ගිනි ගෙන තිබූ අතර, කිසිවෙකු බේරාගැනීමට ඔවුන්ට නොහැකි වී තිබේ.