පකිස්තාන රජය හා තලේබාන් සංවිධානය විසින් පත්කරන ලද කණ්ඩායම අතර ප්‍රථම නිල සාකච්ඡාව ඉස්තාම්බුල් නුවරදී පැවත්වුණු බව පාකිස්තාන බලධාරීහු තහවුරු කරති.
දශයකයකට අධික කාලයක් ඇදී යන ගැටුම් වලක්වාලමින් දෙපාර්ශ්වය අතර එකඟත්වයට පැමිණිය හැකි මාර්ග සිතියමක් සකස් කරගැනීම වෙනුවෙන් මෙම සාකච්ඡා පෙළ ගැසෙයි.
ඒ අනුව, පාකිස්ථාන රජය කොන්දේසි පහක් මත සාකච්ඡා මේසයට පැමිණ ඇති අතර, සටන් නැවැත්වීම ප්‍රථම කොන්දේසිය වෙයි. මෙය සාම මාවතක ආරම්භය විය යුතු බව රජය අවධාරණය කරයි.
මේ සාකච්ඡා සඳහා රජයේ නියෝජිතයන් හතර දෙනෙකු සහ තලේබාන් නියෝජිතයන් තිදෙනෙකු එකිනෙකා හමුවූ අතර, මවුලානා සාමි උල්-හක් විසින් තලේබාන් කණ්ඩායමේ නායකත්වයද, ඉර්ෆාන් සිද්ධීක් රජයේ පාර්ශ්වයේ මුලසුනද හොබවන ලදී.
පාකිස්තානයේ බලයට පත් අගමැති නවාස් ශරීෆ් පවසන්නේ තලේබාන් කැරැල්ල සාමකාමී මාර්ගයකින් අවසන් කිරීමට තමාට අවශ්‍ය බවය. එනමුදු, යම් හෙයකින් සාකච්ඡා බිඳ වැටුණහොත් වඩාත් ශක්තිමත් හමුදා ක්‍රියාමාර්ගයකට පසුබට නොවන බවටද අගමැතිවරයා අනතුරු ඇඟවීමක් කර තිබිණි.