හිටපු ඇමරිකානු ජනපති බිල් ක්ලින්ටන් ඩිමොක්රටික් පක්ෂ සම්මේලනය අමතමින් තම බිරිඳ මෙන්ම තමාගේ හොඳම යෙහෙළිය හිලරි ක්ලින්ටන්, ඇමෙරිකාවට නායකත්වය දිය යුත්තේ ඇයිද යන්නට හේතු දක්වා ඇත.
ෆිලඩෙල්ෆියා හි පැවති මෙම සමුළුවේ විශේෂ කතාවක් පැවැත්වූ බිල් පවසා ඇත්තේ, තමා දන්නා පරිදි වෙනසක් සඳහා හොඳම තේරීම හිලරි බවය.
අතිශය පෞද්ගලික කතාවක් ලෙස පැවති බිල්ගේ දේශනය තුළ ඔවුන්ගේ හමුවීම ගැන මෙන්ම, ජනතා මෙහෙවරට ඔවුන්ගේ කැපවීම පිළිබඳවද අදහස් දක්වා තිබුණි.
ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරමින් මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයා ලෙස නිල වශයෙන් හිලරි ක්ලින්ටන් තේරීපත් වීමට මොහොතකට පෙර බිල් මේ අදහස් දැක්වීම සිදුකළේය.
එම රාත්රියේ නිදිවර්ජිතව කුඩා දැරියන් සම්මේලනය නරඹමින් සිටියේ නම්, තමා ඇමෙරිකාවේ ප්රථම ජනාධිපතිවරිය බවට පත්වුවහොත්, ඊළඟ අවස්ථාව ඒ දැරියන්ගේ අවස්ථාවක් වනු ඇති බව වීඩියෝ ඇමතුමක් ලෙස සමුළුව අමතමින් හිලරි ක්ලින්ටන් අවසන් වශයෙන් පවසා සිටියාය.