බංග්ලදේශයේ, ඩකා අගනුවර, ඉතාලි අවන්හලකදී ජිවිත 28ක් බිලිගනිමින් සිදුවූ IS ත්‍රස්ත ප්‍රහාරය සඳහා අනුබල දුන්නේ යැයි පැවසෙන එරට ක්‍රියාත්මක ඉස්ලාමීය රූපවාහිනී නාලිකාවක් අත්හිටුවීමට එරට රජය කටයුතු කරමින් සිටින බව බී.බී.සී.ය කියයි.
විදේශිකයන් වැඩි පිරිසකට මරු කැඳවමින්, එරට ඉතිහාසයේ සිදුවූ අතිශය ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුව එම රූපවාහිනී නාලිකාව අත්හිටුවීමට රජය කටයුතු ඇත්තේ එම නාලිකාව තුළින් ජනතාව කුපිත කරවන අදහස් මතුකෙරී ඇති බවද පවසමිනි.
බංග්ලාදේශයේ කර්මාන්ත අමාත්‍යවරයා පවසා සිටියේ, සිකුරාදා යාඥාවන් පැවැත්වෙන අවස්ථාවලදීද යම් ආකාරයක කුපිත කරවන අදහස් ඉස්මතු වන්නේ දැයි සොයා බැලීම සඳහා නිරීක්ෂණ සිදුකරන බවයි.
මෙම රූපවාහිනී නාලිකාව ඉන්දීය ජාතික වෛද්‍යවරයෙකුව සිට ඉස්ලාමීය දේශකයෙකු බවට පත්වූවෙකු විසින් පවත්වාගෙන යන අතර, ඔහු මුම්බාය කේන්ද්‍ර කරගත් ඉස්ලාමීය පර්යේෂණ පදනයේ සභාපතිවරයා බවත්, එම නාලිකාවේ වැඩසටහන් ඩුබායි හි සිට ප්‍රචාරය කෙරෙන බවත් කියැවෙයි.
පසුගියදා ඩකා නුවර සිදුවූ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී සැකකරුවන් කිහිප දෙනෙකුම මෙම රූපවාහිනී නාලිකාවේ රසිකයන් වීමත් මෙම තීරණයට හේතු වී ඇති බව කියයි.
පැය විසි හතර විකාශය වන නාලිකාවක් ලෙස ඩුබායි හි සිට විකාශන කටයුතු සිදුකරන මෙම නාලිකාවේ ඉංග්‍රීසි, උර්දු හා බංග්ලා යන භාෂාවන්ගෙන් වැඩසටහන් විකාශය කෙරෙයි.
කෙසේ වෙතත්, එම තැනැත්තා මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.