ජර්මනිය තුළ තවදුරටත් හුදෙකලා ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.
බවේරියා දිස්ත්‍රික්කයේ දුම්රියක් තුළදී පසුගියදා සංක්‍රමණික තරුණයෙකු විසින් එල්ල කරන ලද පොරෝ ප්‍රහාරයෙන් පුද්ගලයන් පස් දෙනෙකු දරුණු තුවාල ලැබීය. කෙසේ වෙතත්, පොලිස් වෙඩි පහරින් පසුව ඔහු ජීවිතක්ෂයට පත්විය.
17 හැවිරිදි වියේ පසුවූ මෙම ප්‍රහාරකයා 2015 වසරේදී ජර්මනියට සංක්‍රමණය වූවෙකු බව මේ වනවිට අනාවරණය වී ඇති අතර, ඔහුගේ කාමරයේ තිබී IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ධජයක්ද හමුවී තිබුණි.
මේ අතර, වීඩියෝවක් අන්තර්ජාලයට මුසු කරමින් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය මොහු තම සටන් සංවිධානයේ සොල්දාදුවෙකු බව කීය.
ඒ අනුව, මොහු සෘජුව එම සංවිධානයේ විධානයන්ට අනුව ක්‍රියාකර ඇති බවට සාක්ෂි නොමැති වුවත්, ඔහු එම සංවිධානය වෙනුවෙන් ප්‍රහාරය මෙහෙයවා ඇති බව ජර්මන් බලධාරීහු පවසති.
මේ අනුව, ඉදිරියටත් මෙවැනි හුදකලා ප්‍රහාර ජර්මනිය තුළ බලාපොරොත්තු විය හැකි බැවින්, එරට ආරක්ෂක තත්ත්වය ඉහළ නැංවීමට බලධාරීහු කටයුතු කර තිබේ.