ජර්මනියේ දුම්රියක් තුළ පොරොවක් සහ පිහියක් රැගත් ඇෆ්ගනිස්තාන සරණාගත තරුණයෙකු විසින් එල්ල කරනලද ප්‍රහාරයකින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
දකුණුදිග ජර්මනියේ. වර්ස්බර්ග් හිදී සිදුව ඇති මෙම ප්‍රහාරය නිසා තුවාල ලැබූ තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද පොලීසිය කියයි.
කෙසේ වෙතත්, මෙම අවස්ථාවේදී පොලීසිය විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මොහු ජීවිත්ක්ෂයට පත්ව ඇති අතර, සිදුවීමට ගිය මහා මනුෂ්‍ය සංහාරයක් නවතා ගැනීමට හැකිවී තිබේ.
මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව මුලින් කියවුණත්, පසුව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දුන්නේ එම සිදුවීමන් ඇති වූ කම්පනය හේතුවෙන් තවත් 14 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබන බවයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැත.
මෙම ප්‍රහාරය සිදුකළ තැනැත්තා 17 හැවිරිදි ඇෆ්ගනිස්ථානයෙන් පැමිණි සරණාගත තරුණයෙකු බවත්, ඔහු ඔෂ්සෙන්ෆර්ට් නගරය ආසන්නයේ ජීවත්ව ඇති බවත් අනාවරණය වී තිබේ.
මෙම ප්‍රහාරය අන්තවාදී හෝ ත්‍රස්ත ක්‍රියාවක්ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බවත්, ජර්මනියේ ඇතැම් මාධ්‍ය වාර්තාවන්ට අනුව ඔහු ප්‍රහාරය අවස්ථාවේදී 'අල්ලාහු අක්බර්' යනුවෙන් කෑ ගසා ඇති බවත් විදෙස් වාර්තා පවසයි.