ජපානයේ දරුවන්ගේ සංඛ්‍යාවෙහි විශාල අඩු වීමක් දක්නට ඇති බවත්, එමෙන්ම වයස අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්ගේ සංඛ්‍යාව වාර්තා ගත අන්දමින් ඉහළ ගොස් ඇති බවත් එරට නිල සංඛ්‍යාලේඛනවලින් දැක්වෙන බව පැවසෙයි.
මේ වනවිට ජපාන රජයේ නිල ඇස්තමේන්තු අනුව රටේ මුළු ජනගහනයෙන් 12.8%ක් අවුරුදු 15ට අඩු දරුවන්ය. නමුත් 25%ක් අවුරුදු 65 ඉක්මවූවන්ය.
ඒ අනුව, ලෝකයේ ජනගහන වර්ධනයේ වේගය අවම රටවල් අතර ප්රමුඛ ස්ථානයක් ජපානය වෙත හිමිවී තිබෙන බව පැවසෙයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන විශ්ලේෂණයන්ට අනුව, තරුණයන් සහ වැඩිහිටියන් අතර අනුපාතය අනාගත ආර්ථික වර්ධනයට දැඩි වශයෙන් බලපෑම් එල්ල කරනු ඇත.