ජපාන මුහුදු සීමාවේ තෙල් ප්රවාහන නෞකාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.
ෂෝකෝ මාරු නමැති ටොන් 998ක ධාරිතාවයෙන් යුතු මෙම තෙල් ප්රවාහන නෞකාව ජපානයේ හයෝගෝ වරායට තෙල් ගොඩබෑමෙන් පසු මෙම පිපිරීම සිදුව ඇති බව පැවසෙයි.
ජපාන වෙරළ ආරක්ෂකයන් පෙන්වා දෙන පරිදි නෞකාවේ කපිතාන්වරයා සිද්ධියෙන් පසු අතුරුදන්ව ඇත.
කෙසේ වෙතත් මෙම පිපිරීමෙන් පසු නෞකාවේ කාර්ය මණ්ඩලයෙන් හත් දෙනෙකු බේරාගැනීමට වෙරළ ආරක්ෂකයන් සමත්ව තිබේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා වෙරළ ආරක්ෂකයන් යුහුසුළු වී ඇති අතර, කළු දුම් වළාවකින් ප්රදේශය වැසී ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
ජපාන අගමැති ෂින්සෝ අබේ අද දින එරට පාර්ලිමේන්තුව අමතමින් සිටියදී මෙම සිදුවීම ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව කියැවෙයි.