තම ඉවත්වීම පිළිබඳ හේතුවක් නොදක්වාම 71 වැනි වියෙහි පසුවන මියන්මාර ජනපති හිටින් ක්යෝව් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
පසුගිය මාස කිහිපය පුරා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කතාබහක් ඇති වී තිබුණේ, නිල උත්සවයක් වෙනුවෙන් ඉතා දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් පෙන්නුම් කරමින් ඔහු පෙනී සිටීමත් සමගිනි.
2016 වසරේදී මියන්මාරය තුළ පැවති තීරණාත්මක මැතිවරණයකින් පසුව දශක කිහිපයක් පැවති හමුදා පාලනය නිමාවට පත්කරමින් ක්යෝව් බලයට පත්විය.
කෙසේ වෙතත්, ඔහුගේ ධුරය ඉඳුරාම චාරිත්‍රානුකූලව පිරිනැමුණු ජනපති ධුරයක් බවට පත්වූවා මිස, දශක කිහිපයක් මියන්මාරයේ විරුද්ධ පක්ෂ නායිකාව ලෙස කටයුතු කළ අවුන්ග් සාන් සුඛි එරට නිල නොලත් නායිකාවක ලෙස ක්‍රියාකරයි.
මෙම ඉවත්වීම නිවේදනය කරමින් ජනපති හිටින් කියෝව්ගේ ෆේස්බුක් ගිණුමේ සටහන් වූයේ ඔහුට විවේකයක් අවශ්‍ය බවය.
ඒ අනුව, මියන්මාරයේ වත්මන් උප ජනපති මයින්ට් ස්වේ, ඉදිරි සතියක කාලය තුළ නව ජනපතිවරයෙකු තෝරාපත් කරගන්නා තුරු එරට වැඩබලන ජනපති ලෙස කටයුතු කරයි.