උතුරු හා මධ්‍යම චීනය වෙත බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 150කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අධික වාර්ෂාව සහිත කාලගුණයෙන් හෙබෙයි හා හෙනාන් යන ප්‍රාන්ත දැඩි බලපෑමකට ලක්ව ඇති අතර, දැඩි ගංවතුර තර්ජන හා නායයෑම්ද වාර්තා වී තිබේ.
ඒ අනුව, හෙබෙයි ප්‍රාන්තයේ පමණක් පුද්ගලයන් 114ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 111 දෙනෙක් අතුරුදන්ව සිටී. එම ප්‍රාන්තයේ විනාශයට පත්ව ඇති නිවාස සංඛ්‍යාව 53,000කි.
එමෙන්ම, ෂින්ග්ටායි නගරයේ පමණක් ජීවිත 25ක් බිලිගෙන ඇති අතර, ගම්මාන රැසකට යන මාර්ග ගංවතුර නිසා අවහිර වී තිබේ.
බොහෝ ප්‍රදේශවලට විදුලිබලය නොමැති බවත්, සන්නිවේදන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට ඇති බවත් කියැවෙයි.
මෙම වසරේ ග්‍රීෂ්ම සෘතුවට චීනයට බලපෑ වර්ෂාව පෙර වසරවලට වඩා වැඩි බව එරට කාලගුණ අංශ පවසයි.
මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් විනාශ වී ඇති වගා බිම් ප්‍රමණය හෙක්ටයාර් මිලියන 1.5කි.