පිහි අතින්ගත් පිරිසක් විසින් දකුණුදිග චීනයේ, කුන්මින්ග් දුම්රිය ස්ථානයේදී සිදුකළ මාරාන්තික පහරදීමක් හේතුවෙන් අවම වශයෙන් 28දෙනෙකු මියගොස් ඇති බව ෂිංහුවා පුවත් ඒජන්සිය වාර්තා කරයි.
මෙම ප්‍රහාරය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරක් මෙතෙක් වාර්තා නොවූවත්, ප්‍රහාරය නිසා 109 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ නිවැරදි හඳුනාගැනීමක් මෙතෙක් සිදු වී නැති අතර, චීන රූපවාහිනිය උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය පෙන්වා දෙන්නේ පොලිස් වෙඩි තැබීම් හේතුවෙන් ප්‍රහාරයට පැමිණි පිරිසක් මරණයට පත්ව ඇති බවයි.
මේ අතර, චීනයේ ජාතික රූපවාහිනිය මෙම ප්‍රහාරය ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සඳහන් කරයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසා සිටියේ පිහි අතින්ගත් ප්‍රහාරයකන් දුම්රිය ස්ථානයේ සිටි මගීන් අහඹු ලෙස තෝරා ගනිමින් පහර දුන් බවයි.
මෙවැනි මහා මනුෂ්‍ය සංහාරයක් මෑතකදී චීනයෙන් වාර්තා නොවූ අතර, ලේ ගංගාවන් මැද වැටී සිටි මිනිසුන් සිද්ධිය වූ ස්ථානයේ දැකගත හැකි වූ බවද පැවසෙයි.