චීනයේ, ග්වාන්ග්සූ හි දුම්රිය ස්ථානයක සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
මෙම ප්‍රහාරය සඳහා කොතරම් පිරිසක් සම්බන්ධ දැයි මෙතෙක් අනාවරණය වී නොමැති වුවත්, සිද්ධිය අවස්ථාවේදී පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම ප්‍රහාරයට හේතුව තවම අනාවරණය වී නොමැති නමුත්, එය උරුම්කි හි දුම්රිය ස්ථානයේ ප්‍රහාරයෙන් සතියකට පසුව සිදුවූවකි.
එමෙන්ම, පසුගිය මාර්තු මාසයේදී කුන්මින්ග් දුම්රිය ස්ථානයේ සිදුවූ මෙවැනිම ප්‍රහාරයකින් පුද්ගලයන් 29 දෙනෙකු මරා දැමුණි.
මෙම ප්රහාරයන් සම්බන්ධයෙන් ෂින්ජියෑන්ග් හි බෙදුම්වාදී උයිගුර් සුළුතර කණ්ඩායම් වගකිව යුතු බව චීන බලධාරීහු පවසති.
චීන මාධ්‍ය පෙන්වා දෙන පරිදි අද (6දා) සිදුවූ ප්‍රහාරයට පුද්ගලයන් විශාල පිරිසක් සම්බන්ධ වී ඇත.
තවත් වාර්තාවකින් කියවුනේ, ඊට පුද්ගලයන් හතර දෙනෙකු සම්බන්ධ බවය. එමෙන්ම තරුණයන් දෙදෙනෙකු ප්‍රහාරය සිදුකළ බවත් එක් අයෙක් පළා ගිය බවත් තවත් වාර්තාවක කියවුණි.