පාසල් සිසුන් 300ක් ඇතුළු පුද්ගලයන් 476ක් සමග මුහුදුබත් වූ දකුණු කොරියානු සෙවෝල් යත්රාවේ අතුරුදන් වූවන් සොයා සෝදිසි මෙහෙයුම් සිදුකරන කිමිදුම්කරුවන්ට පුද්ගලයන් 38 දෙනෙකුට පමණක් රැඳී සිටිය හැකි කුඩා කාමරයකින් මළ සිරුරු 48ක් හමුවී ඇති බව බලධාරීහු පවසති.
යාත්රාව මුහුදුබත් වන අවස්ථාවේදී එහි නිදන කාමරයක් වූ මෙම කුටිය තුළට ඔවුන් සියල්ලන්ම ඇතුළු වන්නට ඇතැයි විශ්වාස කරන අතර, මියගිය පිරිස ජීවිත ආරක්ෂක කබාද පැළඳ ඒ තුළ සිරවී සිටීම අතිශය ශෝකජනක දසුනක් බව කිමිඳුම්කරුවෝ පවසති.
ඒ අනුව, මේ වනවිට මුහුදුබත් වූ සෙවෝල් යාත්රා අනතුරින් මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු 183ක් හමුවී තිබේ. නමුත්, තවත් මළ සිරුරු රැසක් අතුරුදන්ව පවතින බවද බලධාරීහු පවසති.
කෙසේ වෙතත් මෙම මෙහෙයුම භාර ප්රධානියා පවසා සිටින්නේ මළ සිරුරු සෙවීමේ සෝදිසි මෙහෙයුම් තව කොපමණ කාලයක් සිදුකළ යුතුද යන්න සම්බන්ධයෙන් තවමත් අවසන් නිගමනයකට පැමිණ නොමැති බවයි.
පුද්ගලයන් 476 දෙනෙකු සමග පසුගිය සතියේ බදාදා දිනයේ දකුණු අප්රිකාවේ ජේජු දූපත් වෙත ගමන්කරමින් තිබියදී අනතුරු සංඥා ලබාදීමෙන් පැය දෙකක් ඇතුළත සම්පූර්ණයෙන්ම මුහුදුබත් වූ සෙවෝල් යාත්රාවේ සිට ජීවිත බේරාගත් පිරිස 174ක් පමණි.