2012 ජනවාරි මාසයේදී ඉතාලියේ ගිග්ලියෝ දූඵත අසලදී කොරල් පරයක වැදී පෙරළී ගිය කොස්ටා කොන්කෝඩියා නෞකාවේ කපිතාන් ෆ්රැන්සෙස්කෝ ෂෙටීනෝ අනතුරින් පසුව ප්‍රථම වරට නැවත නෞකාව වෙත පැමිණියේය.
නෞකාවේ ගමන්කළ රූමතියකගේ මායමකට කපිතාන්වරයා කොටුවීම නිසා මෙම අනතුර සිදුවූ බව එකල කරළියේ ඉහළින්ම කියවුණු මාතෘකාවක් විය.
කෙසේ වෙතත් නෞකාව මුහුදුබත් වීම හේතුවෙන් එහි ගමන් කළ මගීන් 32දෙනෙකුට ජීවිතක්ෂයට පත්වූ අතර, මනුෂ්‍ය ඝාතනයන් සම්බන්ධයෙන් කපිතාන්වරයාට එරෙහිව විභාග වන නඩුවට අදාලව මේ ආකාරයෙන් කපිතාන්වරයාව නෞකාව වෙත රැගෙන යනු ලැබීය.
කුඩා යාත්‍රා දෙකකින් නෞකාව වෙත කපිතාන්වරයාව රැගෙන ගියේය. කෙසේ වෙතත් මනුෂ්‍ය ඝාතන චෝදනා කපිතාන්වරයා විසින් ප්‍රතික්ෂේප කරන අතර, එය ඔප්පු වුවහොත් ඔහුට වසර 20ක සිරදඬුවමකට යටත්වීමට සිදුවන බව කියැවෙයි.
තම නෞකාව දුටු මුල් දසුනින් තම දෙනෙත් තෙත් වූ බවද කපිතාන්වරයා කියා සිටියේය.
මීටර් 290ක් දිගින් යුතු කොස්ටා කොන්කෝඩියා නෞකාව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී දැවැන්ත මෙහෙයුමකින් පසුව යළි ඔසවා තැබීය. නමුත්, තවමත් නෞකාව පිටතට රැගෙන යාමට නොහැකි තත්ත්වයක තිබේ.