උතුරුදිග ඉන්දියාවේ ජාහාර්කාන්ද් ප්රාන්තයේ ගව මස් වෙළෙඳෙකුට පහරදී මරා දැමීමේ සිද්ධියට චෝදනා ලැබූ පුද්ගලයන් 11 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වී තිබේ.
හරක් මස් ප්රවාහනය කළේ යැයි පවසමින් 55 හැවිරිදි අලිමුදීන් අන්සාරි වෙත මෙම පහරදීම සිදුවී තිබුණේ පසුගිය වසරේදීය.
පසුගිය වසර කිහිපය පුරා ඉන්දියාවේ මස් වෙළෙන්ඳන් ඉලක්ක කරමින් දැඩිමතධාරී හින්දූන් විසින් එල්ල කරන ලද ප්රහාර හේතුවෙන් මියගිය අයෙකු වෙත නීතිය තදින් ක්රියාත්මක වූ ප්රථම අස්ථාව ලෙස මෙය සැලකෙයි.
හින්දූන්ට අනුව ගවයා දේවත්වයෙන් සලකන සත්වයෙකි. ඉන්දියාවේ ප්රාන්ත කිහිපයක ගව ඝාතනය නීතියෙන්ම තහනම් වෙයි.