ඉන්දියාවේ ගංගානම් ගඟේ ශුද්ධ වූ ජලය තැපෑලෙන් නිවසටම ගෙනැවිත් දීමේ විශේෂ සේවාවක් අරඹා ඇති බව ඉන්දීය තැපැල් සේවය පවසයි.
මේ සඳහා එම ගංගාවේ විශේෂිත වූ ස්ථාන දෙකකින් පමණක් ජලය ලබාගන්නා බවත්, ඒ හරහා බෝතල් කළ ශුද්ධ වූ ජලය, ඒවා ඉල්ලුම් කරන තැනැත්තාගේ නිවසටම තැපැල්කරු හරහා ගෙනැවිත් භාරගෙන බවත් පෙන්වාදී තිබේ.
හින්දු බැතිමතුන් අතර අතිශය ප්රකට ගංගාත්රී සහ රිෂිකේෂ් යන ස්ථාන මේ සඳහා තෝරාගෙන ඇති බවද තැපැල් සේවය පවසයි. ඒ අනුව, රිෂිකේෂ් ශුද්ධ වූ ජල බෝතලයක් ඉන්දියානු රු.15/- කටත්, රිෂ්කේෂ් ශුද්ධ වූ ජල බෝතලයක් ඉන්දියානු රු.25/- කටත් තැපැල් කාර්යාලවලදී ලබාගත හැකි බව කියයි.
මීට අමතරව, අන්තර්ජාලය තුළින් ඇණවුම් කරන්නන්ට තැපැල්කරු හරහා ඒවා නිවසටම ගෙනැවිත් භාරදෙන බවත තැපැල් සේවය වැඩිදුරටත් පවසයි.