යුරේපා සංගමයේ සාමාජිකත්වය බලාපොරොත්තුවෙන් සිටින කොසෝවෝ රාජ්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණය අද (08දා) ආරම්භ විය.
වත්මන් අගමැති හස්හිම් තාකීගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය මෙවර මැතිවරණයෙන්ද ජයග්‍රහනය කරනු ඇති බවට මත පළ වන්නේ, හිටපු කැරලි නායකයෙකු වූ තාකී වෙත තුන්වැනි වරටත් අගමැති ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව හිමිවනු ඇති බව පෙන්වා දෙමිනි.
නමුත්, ඔහුගේ පක්ෂය වෙත මෙවර දැඩි තරගයක් ලබාදිමට කොසෝවෝ ප්රජාතන්ත්රවාදී ලීගය ඉදිරිපත්ව සිටියි.
2008 වසරේදී සර්බියාවෙන් වෙන්ව වෙනමම රාජ්‍යයක් ලෙස කොසෝවෝ ස්වයං නිදහසක් ලබාගැනීමෙන් පසු, එහි වෙසෙන සර්බියානු සම්භවයක් ඇති ජනතාවට මෙවර මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කරන ලෙස සර්බියාව විසින්ම පෙළඹවීමක් ඇති කර ඇති බවද පැවසෙයි.
සර්බියාව හා කොසෝවෝ අතර අර්බුද අතහැර සහයෝගයෙන් කටයුතු කිරීමේ ගිවිසුමකට පසුගිය වසරේදී ඔවුන් එළැඹීමත් සමග මෙම වාතාවරණය ඇති වී තිබෙන බවද පැවසෙයි.
ඔවුන් මෙවැනි සහයෝගී පියවරක් අනුගමනය කර ඇත්තේ යුරෝපා සංගමයේ සාමාජිකත්වය වෙනුවෙන් වූ කොන්දේසියක් ලෙසිනි.