ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාගේ කනෙන් අදින එක ලෙහෙස පහසු කටයුත්තක් නොවන බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ.
සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් කරන්න පුළුවන් වුණත්, එහෙම හැකියාවක් තියෙන්නෙ එකම එක්කෙනාටයි. ඒ වෙන කවුරුත් නෙමෙයි, මිෂෙල් ඔබාමාටයි.
ඒත් මේ අවස්ථාවෙ ඔබාමාගේ කනෙන් ඇදලා තියෙන්නෙ මිෂෙල් නම් නෙමෙයි.
පහුගිය දවසක ධවල මන්දිරයට ආපු පුංචි කොල්ලෙක් තමයි මේ විදියට ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාගේ කණෙන් ඇදලා තියෙන්නෙ.
ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා විසින් පවත්වපු ටැලන්ට් ෂෝ එකකට ආපු පුංචි එකෙක් මේ චණ්ඩි වැඩේ කළ බව කියනවා.
පුංචි එවුන් පිරිවරාගෙන ඔබාමා ආර්යාව පවත්වපු මේ ටැලන්ට් ෂෝ එකට එක්වරම ඔබාමා පැමිණි අවස්ථාවේ ඇය ඔබාමා හඳුන්වලා දෙන්න හදන කොටම, කොහෙද ඉඳල ආපු පුංචි කොල්ලෙක් ඔළුව පහත් කරගෙන දරුවන් සමග කතාකරමින් සිටි ඔබාමාගේ කණෙන් ඇද්දලු.
ඒත් මේ විදියට මේ පුංචි කොලු ගැටයා ඔබාමාගේ කණෙන් ඇදල තියෙන්නෙ තරහකට එහෙම නම් නෙමෙයි.
එයාට ඕන වෙලා තියෙන්නෙ, එයා කියන්න හදන දේ ඔබාමට කියන්න ඔබාමාව ටිකක් පහළට ගන්නලු. ඒ කිව්වෙ, ඔබාමාගේ අවධානය එයාගෙ පැත්තට ගන්නලු.
කොහොම වුණත්, මේ විදියට ඔබාමාව කණෙන් ඇදල ළඟට අරගෙන මේ කොලු ගැටය කියපු දේ නම් මොකක්ද කියන එක එළිවෙලා නෑ.
කොහොම වුණත්, කණ පාත් කරල ඒ කතාව අහපු ඔබාම පස්සෙ, දත් තිස් දෙකම පෙන්නල ඔච්චම් මූණකුත් හදාගෙන වැඩේ ෂේප් කර ගත්ත කියල තමයි ධවල මන්දිරේ ආරංචි මාර්ග කියන්නෙ.