කෙන්යාවේ මොම්බාසා වෙරළාශ්‍රිත නගරයේ පල්ලියක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් හිසට වෙඩි උණ්ඩයක් ඇතුළු වූ බිළිඳෙකු හදිසි ශල්‍ය කර්මයකට භාජනය කළ බවත්, උණ්ඩය ඉවත් කරමින් දරුවාගේ ජීවිතය බේරාගැනීමට හැකි වූ බවත් එරට රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 6 දෙනෙකු මරණයට පත්වූ අතර, ඒ අතර මෙම බිළිඳු දරුවාගේ මවද සිටින බව කියැවෙයි.
වෛද්‍යවරු විශ්වාස කරන ආකාරයට ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී තම දරුවා ආරක්ෂා කරගැනීමට ඔහුව තම ඇකයේ සඟවාගෙන මෙම මව ගුලිවී සිටින අවස්ථාවේදී ඇයට වෙඩි වැදී ඇති අතර, එම උණ්ඩය ඇගේ ශරීරයේ අනෙක් අන්තයෙන් පසාරු කරගෙන පැමිණ බිළිඳාගේ හිසෙහි තැන්පත් වන්නට ඇත.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු වගකීම භාරගෙන නොමැති බවද කියැවෙයි.