2006 වසරේදී ෆීජි රාජ්‍යයේ ඇති වූ හමුදා කුමන්ත්රණයෙන් පසුව එරට පැවැත්වෙන ප්‍රථම මහ මැතිවරණය සඳහා දින නියම කිරීමට එරට හමුදා පාලකයා කටයුතු කර තිබේ.
ඒ අනුව, එළැඹෙන සැප්තැම්බර් මස 17 වැනිදා ෆීජි මහ මැතිවරණය පැවැත්වෙනු ඇත.
මීට මාසයකට පෙර එරට හමුදා පාලක ෆ්රෑන්ක් බෙයිනීමරාමා සිය ධුරයෙන් ඉවත් වීමත් සමග මෙම පුවත කලඑළි පැමිණි අතර, ඔහුද මැතිවරණය සඳහා තරග කිරීමට නියමිතය.
ෆීජි රාජ්‍ය හමුදා කුමන්ත්‍රණයන්ට ප්‍රකට රටක් ලෙස පැවසිය හැකි අතර 1987 වසරේ සිට 2006 වසර දක්වා කාලය තුළ එරට මෙවැනි කුමන්ත්‍රණ හතරකට මුහුණ දුන්නේය.
මේ අතර, 2006 වසරේ එරට පැවති හමුදා කුමන්ත්රණයෙන් පසුව ෆීජි රාජ්‍යයට එරෙහිව ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය විසින් සම්බාධක පැනවීමක්ද කළේය.
එමෙන්ම 2009 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ෆීජි රාජ්‍ය ඉවත් කෙරුණු අතර, 2010 වසරේදී මහ මැතිවරණයකට යෑම ප්‍රතික්ෂේප කිරීම ඊට හේතුව විය.