ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය පුරාම ක්රියාත්මක වන පරිදි නියං තත්ත්වයක් ප්රකාශ කිරීමට එහි ආණ්ඩුකාර ජෙරී බ්රවුන් පසුගියදා පියවර ගත්තේය.
ඒ අනුව හැකි තරම් තම ජලය ආරක්ෂා කරගන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එදාමෙදා තුර ජනපදයට බලපෑ දරුණුතම වියළි කාලගුණ තත්ත්වයෙන් ඔවුන් මේ වනවිට පීඩාවිඳිමින් සිටී.
හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා ගොවීන් වෙත ආධාර ලබාදෙන බවත්, ගිනිනිවන භටයින්ද මෙම ජනපදය පුරා යෙදවීමටත් කටයුතු කරන බවත් ආණ්ඩුකාරවරයා පවසයි. පසුගිය සතියේදී හටගත් ලැව්ගින්න උෂ්ණත්වය ඉහළ යාමට තවත් හේතුවක් විය.