නැගෙනහිර යුක්රේනයේ නීතිය සහ සාමය යළි ස්ථාපිත කිරීමේ අරමුණින්, එම කලාපයේ ප්රචණ්ඩ ක්‍රියාවල යෙදෙන රුසියානු හිතවාදී කැරලිකරුවන්ට එරෙහිව යුදමය ක්‍රියාමාර්ගයක් සහිතව සිය හමුදා පෙරට ගමන් කරනු ඇති බව එරට රජය අවධාරණය කරයි.
යුක්රේන් ආණ්ඩුවේ වැඩබලන ආරක්ෂක ඇමති මිහයිලෝ කොවල් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, දේශසීමා ආසන්න කලාපයන්හි යුද මෙහෙයුම් දිගටම ක්‍රියාවට නංවන බවයි.
එම ප්‍රදේශවල ජන ජීවිතය සාමාන්‍ය මට්ටමට හැරෙන තෙක් සිය මෙහෙයුම් පෙරට ගෙන යන බවද ඇමතිවරයා අවධාරණය කරයි.
තවදුරටත් අදහස් දැක් වූ යුක්රේන් ආරක්ෂක ඇමතිවරයා සඳහන් කළේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් පළාත් දෙක රුසියාවට හිතවාදී බෙදුම්වාදීන්ගෙන් දැනටමත් මුදා ගෙන ඇති බවය.
සන්නද්ධ කණ්ඩායමක් විසින් ඊයේ (29දා) බ්‍රහස්පතින්දා යුක්රේන් හෙලිකොප්ටර් යානයක් වෙඩි තබා බිම හෙලන ලද අතර, එමගින් ජනරාල්වරයකු ඇතුළු හමුදා නිලධාරීන් දාහතර දෙනකු මරණයට පත් විය.
මේ අතර රුසියාව පවසන්නේ,කැරලිකරුවන්ට එරෙහිව යුක්රේනය ගෙනයන යුද මෙහෙයුමේදී පාසල් සහ රෝහල්ද ඊට ඉලක්ක වී ඇති අතර එමගින් ජීවිත ගණනාවක් ම විනාශ කෙරුණ බවයි.