ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරය වෙත මිනිස් ජීවිත 80ක් බිලි ගනිමින්, තවත් 230ක් තුවාල කරමින් එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව එරට තුළ ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර ඇත.
ෂියා සුළුතර මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරමින් එල්ල වූ මේ ක්‍රෑර ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් භාරගෙන තිබුණි.
ප්‍රහාරයත් සමග රූපවාහිනිය තුළින් ජාතිය ඇමතූ ජනාධිපති ඇෆ්ගන් ඝානි පවසා සිටියේ, ප්‍රහාරයේ වගකිව යුත්තන්ට සමාවක් නොමැති බවය.
මේ අතර, ඇෆ්ගනිස්තානයේ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයන් මෙම ප්‍රහාරය යුද අපරාධයක් ලෙස විග්රහ කර තිබුණි.
විශේෂයෙන්ම සාමාන්‍ය සිවිල් වැසියන් විශාල පිරිසක් එකවර ඉලක්ක කළ මරාගෙන මැරෙන ප්‍රහාර යුද අපරාධයක්ම බව ඔවුන් අවධාරණය කර තිබුණි.
එහිදී, ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ අමාඛ් පුවත් ඒජන්සිය පවසා තිබුණේ, තම සොල්දාදුවන් ෂියා මිනිසුන් ඉල්ල කළ ඔවුන්ගේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල පුපුරුවා හැරි බවයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය තලේබාන් සංවිධානය විසින් හෙළා දැක තිබීමද විශේෂත්වයකි.
ඇෆ්ගනිස්තානයෙ නැගෙනහිර කලාපයේ පමණක් සිය බලය පතරුවන බව පැවසූ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් එරට අගනුවර වෙත මෙවැනි දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ ප්‍රථම අවස්ථාවද මෙයයි.
ඇෆ්ගනිස්තාන බුද්ධි අංශවලට අනුව ඉස්ලාම් රාජ්‍ය අණදෙන්නෙකු වන අබෝ අලි විසින් නන්ගර්හාර් පළාතේ, අචේන් දිස්ත්‍රික්කයේ සිට මෙම ප්‍රහාරය වෙනුවෙන් ජිහාඩ් අන්තවාදීන් තිදෙනෙකු යොදවා ඇත.
එමෙන්ම, මෙම ප්‍රහාරයේදී එක් ත්‍රස්තවාදියෙකු පමණක් තම ඉලක්කය හොඳින් ලබාගත්තද, සෙසු දෙදෙනාට ඉලක්කය වැරදී ගොස් තිබුණි. යම් හෙයකින් එම ප්‍රහාර තුනකම සාර්ථක වූයේ නම් සිදුවීමට තිබූ මිනිස් ඝාතනය දෙතුන් ගුණයකින් වැඩි වීමට තිබූ බවද එරට ආරක්ෂක අංශ පවසයි.