යුක්රේනයේ හා රුසියාවේ පුද්ගලයන් කිහිප දෙනෙකුට සංචාරක තහනමක් හා වත්කම් අත්හිටුවීමක් සිදුකරමින් යුරෝපා සංගමය හා ඇමෙරිකාව විසින් පුද්ගලයන් ඉලක්ක කර සම්බාධක පැනවීමක් සිදුකරන ලදී.
ඊයේ ක්රිමියාහි පැවති ජනමත විචාරණයෙන් පසුව, ක්රිමියාව රුසියාවට සම්බන්ධ වීම වෙනුවෙන් 97% ක ජනමතයක් වාර්තා වීමත් සමග මෙම සම්බාධක පැනවීම සිදුව තිබේ.
මේ ආකාරයෙන් සම්බාධක පැනවීමට ලක්වී ඇති පුද්ගලයන් කියෙව්, යුරෝපා සංගමය හා ඇමෙරිකාව විසින් නීති විරෝධි යැයි පැවසූ ක්‍රිමියා ජනමත විචාරණයේදී ප්‍රධාන කාර්ය භාරයක් සිදුකර ඇති අයවලුන් බව කියැවෙයි.
පසුගිය පෙබරවාරි මාසයේ අවසාන භාගයේ සිටම රුසියානු හමුදාවන් ක්‍රිමියාවේ පාලනය සියතට ගෙන සිටී. කෙසේ වෙතත් රුසියාව කියා සිටියේ මෙම හමුදා රුසියාවේ සෘජු පාලනයකින් තොරව ක්‍රියාත්මක ස්වයං ආරක්ෂක බලකායක් බවයි.
පෙබරවාරි 22 වැනිදා යුක්රේනයේ හිටපු ජනපති වික්ටර් යනුකොවිච් ධුරයෙන් පහ කිරීමත් සමග මෙම අර්බුදය හටගත් අතර, ඔහු මාස කිහිපයක් පුරා කියෙව් අගනුවර පැවති දැවැන්ත විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් බැටකමින් සිටියේය.