කසකස්තානයේ විශාලතම නගරය ලෙස සැලකෙන අල්මාටි හි පොලිස් ස්ථානයක් වෙත එල්ල කරනලද අන්තවාදී ප්රහාරයකින් නිලධාරීන් තිදෙනෙකු හා එක් සිවිල් වැසියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර, ප්රහාරයට සම්බන්ධ එක් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
පොලීසිය පෙන්වාදෙන පරිදි මෙම ප්රහාරයට පැමිණි දෙවැනි සැකකරු සිද්ධිය වූ ස්ථානයෙන් පළාගොස් ඇති අතර, වෙඩි ප්රහාර 10ක් පමණ එල්ල වී ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
පළාගිය සැකකරු මැෂින් තුවක්කුවක් සමග පළාගොස් ඇති බවත්, පොලීසිය ඔහු ලුහුබඳිමින් සිටින බවත් කියැවෙයි. එමෙන්ම, ප්රදේශයේ ජනතාවට නිවෙස්වලින් බැහැට නොගොස් රැඳී සිටින ලෙසද පොලීසිය අවවාද කර තිබේ.