ඉන්දියාවේ බටහිර බෙන්ගාල ප්රාන්තයේදී වැඩිහිටි කන්යා සොහොයුරියක් දූෂණය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය පවසන පරිදි අත්අඩංගුවට පත්වූ සිවු දෙනාම බංග්ලාදේශ ජාතිකයන් බව පැවසෙයි. ඔවුන් උතුරුදිග ප්රාන්තයක් වූ පන්ජාබ් හිදී මෙසේ අත්ඩංගුවට පත්ව තිබේ. ඒ අනුව, මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
පල්ලියේ සී.සී.ටී.වී කැමරාවල සටහන්ව ඇති පරිදි ඔවුන් එහි වටිනා බඩුබාහිරාදිය සොරා ගැනීමෙන් පසු 74 වැනි වියෙහි පසුවූ කන්යා සොහොයුරිය සමූහ දූෂණයට ලක්කර තිබේ.
මෙම සිදුවීම ඉන්දියාව පුරා බලවත් විරෝධයක් ඇති වූ අතර, නැවතත් කාන්තාන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතාබහක් ඇති කරන්නට විය.