තරුණ පහේ මහාධිකරණ විනිසුරුවරියක් නිරුවතින් කාර්යාල මේසයක් මත අව්ව තපිනව කිව්වොත්, පොඩ්ඩක් ඇඟ හීතල වෙලා යනව නේද? ඇත්තටම එහෙම දේවල් වෙන්න පුළුවන්ද කියලත් හිතෙන්න පුළුවන්. හැබැයි ඉතිං අබුද්දස්ස කාලෙ ඒ වගේ දේවල් නොවී තිබුණොත් තමයි පුදුමෙ.
මේ කතාව වාර්තා වෙන්නෙ බොස්නියාවෙන්. ඇය බොස්නියා සහ හර්සගොවීනියා මහාධිකරණ විනිසුරුවරියක්. විනිසුරුවරියක් කිව්වත් බොහොම තරුණ පහේ කෙනෙක්. කලින් කිව්ව වගේම, උදේ වරුවෙ නිරුවතින්ම ව්‍යායාම් ටිකක් එහෙම කරල, උඩුමහලෙ තිබිච්ච තමන්ගෙ කාර්යාල කාමරේ ජනේලයක් අසල මේසයක් උඩ ඒ නිරුවතින්ම අව්ව තපින වෙලාවෙදි තමයි, ළඟපාත ගොඩනැගිල්ලක හිටපු කෙනෙකුගෙ කැමරා ඇහැට මේ මාර යුද්ධය ගෝචර වෙලා තියෙන්නෙ.
ඇත්තටම මේ ඡායාරූප ගත්ත කෙනා නිරුවරතින් අව්ව තපින්නෙ විනිසුරුවරියක් කියල නම් දැනගෙන ඉඳල නැහැ. මොනව වුණත්, අධිකරණ ගොඩනැගිල්ලෙ නිරුවත් කාන්තාවක් කියල මේ ඡායාරූපය එරට මාධ්‍යයට දෙන්න නම් මෙයා කටයුතු කරලා. ඊට පස්සෙ තමයි, ඡායාරූපයේ ඉන්න කෙනා කවුද කියල බලන්න, අධිකරණයේ කට්ටිය විමර්ෂණයක් පවත්වල තියෙන්නෙ.
ඔන්න ඔය වෙලාවෙදි තමයි, කට්ටියටම තරු වීසි වුනේ. මොකද, අධිකරණ ගොඩනැගිල්ලෙ නිරුවතින් අව්ව තැපල තියෙන්නෙ, මහාධිකරණ විනිසුරුවරියක් කියල වැඩේ එළිවුණා. කොහොම වුණත්, මේ සිදුවීමෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය දැඩි නොසන්සුන්තාවකට පත්වුණා කියල තමයි ආරංචිය. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ කොමිසමක් හමුවටත් ඇය පමුණුවලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවයට හානියක් ගෙනදුන්නා කියා ඇයට හොඳටම අවවාද කරලා.
මේ අලකලංචියෙන් පස්සේ, මේ විනිසුරුවරියත් තමන්ගෙ අදහසට ඉඩක් දීල තිබුණා. ඇය කියන්නෙ, උදේට මේ විදියට නිරුවතින් ව්‍යායාම් කරන එක එයා පුරුද්දක් විදියට කරනවලු. කාමරේ දොර වහල තිබුණු නිසා කවුරුවත් එහි නොඑන බව එයාට හොඳටම විශ්වාසයිලු. ඒත් ඉතිං ඉදිරියෙන් වූ ගොඩනැගිල්ලෙ කවුරුවත් ඇතියි කියල එයා හිතුවෙ නැහැ කියලත්, කිසිම පැකිලීමකින් තොරව මේ විනිසුරුවරිය කියනවනෙ. පටන් ගන්න කොටම කිව්වෙ, අබුද්දස්ස කාලේ...