දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින ඔස්ට්‍රේලියාවේ ක්න්ටස් ගුවන්සේවය රැකියා 5,000ක කප්පාදුවක් පිළිබඳ දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
එළැඹෙන වසර 3ක කාලය වෙනුවෙන් ඇ.ඩො.බිලියන 1.79ක වියදම් කප්පාදුවක් ලෙස මෙම තීරණයට එළැඹ ඇති බව එම ගුවන්සේවයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මෙම සේවක කප්පාදුවට අමතරව තම ගුවන් සේවයේ ගුවන්යානා සංඛ්‍යාවද 50කින් පමණ අඩු කිරීමට සැරසෙන බවද කියැවෙයි.
ක්න්සන් ගුවන් සේවය පෙන්වා දී ඇත්තේ ඔවුන් දේශීය මෙන්ම, ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතුවලදී අසීරු තරගයකට මුහුණ දී සිටින බවයි.